Wednesday, August 29, 2012

රුදු රළ පෙළ මත දිවි.. 3


ස්.. ස්..

ඇයි මොකද?

පොඩ්ඩක් මෙහෙ බලන්නකෝ.....

ඒ මොකටද?

අපෝ මෙයාගෙ තියෙන ගණං.., 

ඔව්....

මම යනවා යන්න...

ඉතින්.....

නපුරා.....

නපුරු නෑ සුදා....

වැඩක් නෑ.. හැමදාම මාව තරහ ගස්සලා අන්තිමට එනවා සුදා කියාගෙන...

ඉතින් සුදාට සුදා නොකිය වෙන මොනා කියන්නද?

ඔය කට තියෙනකන් දිනාවි... ඉතින් සුරේශ්.. ඊයේ අයියා දැකලා මොකද වුනේ.. මට නින්ද ගියෙත් නෑ අප්පා...

ලොකු අයියා දැකලා තිබ්බා නිරූ... ගෙදර ඊයේ රෑ මළ ගෙයක් වගේ... අම්මගෙයි තාත්තගෙයි බලාපොරොත්තු එක රැයින් බිඳ වැටුනා වගේ එයාලා හිතන්නේ... අපි දෙන්න යාළු වෙන්න ඉස්සෙල්ල මම ඔයාට කියපු දේවල්ම, මුළු පවුලේ ඔක්කොම එකතු වෙලා මට කිව්ව නිරූ... පව් ඒ මිනිස්සු... සුරේශ් නිරාශා දිහාට හැරුනේ හදවතේ බරටම පිරවුන සුසුම, නාසයෙනුයි කටිනුයි දෙකෙන්ම එලියට දමන ගමන්... මුහුණේ තිබුණ බැරෑරුම්කම වටහාගන්න නිරාශාට මොහොතක්වත් ගත වුනේ නෑ.. 

ඔහොම ඉන්න එපා සුරේශ්... මම හින්දා ඔයාට කරදර නේද..?

කරදරයක් නෑ නිරූ... මේ කරදරවලට මම ආසයි... ඒත් මේ ආදරේ නිසා අපේ ගෙදර මිනිස්සුන්ගේ ජීවිත අසරණ වුණොත් මට ඒ පව ගෙවන්න හිත හදාගන්න පුළුවන් වෙන එකක් නෑ..

අපේ තාත්තා නපුරුයි තමයි.. අපි මොකද කරන්නේ සුරේශ්...

ඉස්සරහට වෙන දෙයක් බලමු නිරූ... කොහොමත් අපි ටිකක් ප්‍රසිද්ධියේ හැසිරෙන එක නවත්තමු... ඔක්කොටම කලින් මේ විභාග මඟුල ගොඩ දාමු...

මෙච්චර දේවල් ඔලුවේ තියාගෙන කොහොම පාඩම් කරන්නද මන්දා සුරේශ්...

ලමයෝ... අපි දෙන්නගෙ ජීවිතේ, මේ ආදරේ නෙවෙයි... අපි ඉහලට යන තරමට තමයි අපිට දිනන්න පහසු වෙන්නේ.. ඒ නිසා මේවා ගැන හිතන්නේ නැතුව පාඩම් කරන්න.. අපේ ගැලවීම තියෙන්නේ එතන කියලා හිතන්න.. බැරි දෙයක් තියේනම් මගෙන් අහන්න... තේරුණා නේද මයෙ මැණික...

හ්ම්ම්.. යමු සුරේශ්... ඔයා නිසා තමයි මම මෙහෙමවත් පාඩම් කරන්නේ.. අපේ තාත්තා මට කියන්නේ ගොන් කරත්තේ කියලා...

නියම නම.. ගොන් කරත්තේ...

ඒ පාර ඔයත් පටන් ගත්තද? අපි අද බස් එකේ යමුද?

ඔයා බස් එකේ යන්න.. මම කෝච්චියේ යන්නම්.. කොහොමත් විභාගෙ ඉවර වෙනකම් අපි ටිකක් පරිස්සමින් ඉඳිමු...

එහෙනම් මම බස් එකේ යනවා.. මම ආදරෙයි සුරේශ්.. තිශාලා ඉන්නවා ස්ටෑන්ඩ් එකේ.. මම එයාලත් එක්ක යන්නම්.. බුදු සරණයි සුරේශ්... පරිස්සමින් යන්න...

බුදු සරණයි මගෙ මැණික.. මම යනවා ස්ටේශන් එකට.. පරිස්සමින් යන්න ගොන් කරත්තේ...

අහුවෙන්නකො හෙට උදේ.... මම පෙන්නන්න ගොන් කරත්තේ තරම.... මුවට නැගුන මඳහස අතරින් එහෙම කියනකොටත් සුරේශ් දුම්රියපල දෙසට සෑහෙන දුර ගිහින්... සුරේශ්ගේ තියෙන සරල සැහැල්ලුකමටයි, කටකාර දඟකාරකමටයි, වෙන පිරිමි ළමයි ලඟ නැති නිරහංකාර ගති පැවතුම්වලටයි, නිරාශා අසීමිතව ආදරය කලා... 


අඩෝ ආවද කරත්තේ දක්කලා... කෝච්චිය විනාඩි 20ක් පරක්කුයි.. වරෙන් යන්න ප්ලේන්ටියක් ගහන්න..

අතේ පිච්චිය නෑ බන්.... සීසන් එක විතරයි තියෙන්නේ....

කවුද බන් සල්ලි ඉල්ලුවේ... සිගරට් එකකුත් අදිමුද?

මම නැවැත්තුවා බන්.. ආයෙ බොන්නෙ නෑ සිගරට්....

අනේ පලයන්.. ඌරෝ ගූ කන එකත් නවත්තයි බොලා බට නැවැත්තුවොත්...

යමන් යමන්.. තොපිත් එක්ක පුළුවන්ද මිනිහෙක්ට හැඳෙන්න...

අජියා.. දාහන් ප්ලේන්ටි දෙකයි ගෝල්ලීප් දෙකයි...

සිකරට් ඉවරයි මහත්තයා....

*කලා තියෙන්නේ.. ඔය බලපන්කෝ.. අපේ අතේ සල්ලි තියෙන දවසට තමයි ඒවත් ඉවර වෙන්නේ.. ගෙනෙන් බන් එහෙනම් ප්ලේන්ටී දෙකවත්....

අල්ලපු මේසේ හිටපු අන්කල්ගේ තේ එකත් ඉස්පොල්ලෙ යනවා තව පොඩ්ඩෙන්....

හෙමින් කෑ ගහපන් බන්...

හෙමින් කොහොමද *ත්තො කෑ ගහන්නේ....

මුන්ට කියන කට හඳයි රේල් පීල්ලක උලා ගන්නවා.. සුරේශ් තනියම හිතාගෙන ප්ලේන්ටිය තොල ගාන්න පටන් ගත්තා....

මචන් සුරේශයා...

ඇයි?

මොකක්ද අවුල...?

අවුලක් නෑ බන්....

බොරු කියන්න එපා බන්.. මට උඹව කියවන්න පුළුවන් කියලා උඹ දන්නවනේ..

පොඩි ප්‍රශ්ණයක් තියෙනව මචන්.. ඊයේ නිරූයි මමයි ස්ටේෂන් එකේ බංකුවට වෙලා ඉද්දි ලොක්කා දැකලා බන්..

අප්පට සිරි... ඉතින්...

ගෙදර ගිණි අරන්... ඒ මිනිස්සු දන්නවා මම වැරදි දෙයක් කරන්නේ නෑ කියලා.. ඒත් නිරූලාගේ තාත්තාගේ හැටි දන්නවනේ බන්...

ප්‍රේමසිරියා නම් හෙන *රියා බන්... විකල්පෙකුත් නෑනේ මචන්... අපි ඔය ගැන කතා කරන පළවෙනි දවස නෙවෙයිනේ බන්... උඹලගේ අයියා දැක්ක නිසා කතාව ආයෙත් අළුත් වුනා...

ඔව්.. යමන්...

තිසල් සහ සුරේශ් දෙන්නම එකම ගමේ.. පොඩි කාලේ ගමේ ඉස්කෝලෙත් දැන් අම්බලන්ගොඩත් එකම පන්තියේ ඉන්නේ.. ඒ නිසාම දෙන්නගේ හැඟීම් දෙන්නට දෙන්න හොඳින් දන්නවා... සාමාන්‍ය පෙළ සමත් වෙච්ච දෙන්නටම තිබ්බේ එකම හීනයක්.. ඒ උසස් පෙළ ඉහළින්ම සමත් වෙලා නීති පීඨයට ඇතුල් වෙන එක... කෝච්චියේ ඩක ඩකස් සද්දෙ මැද්දේ තිසල් ආයෙත් කතාව අරඹන්න වුනා..

මම කීවා උඹට මේ කෙල්ලෝ සබ්ජෙක්ට් එකට බහින්න එපා කියලා....

කවුද බන් බැස්සේ... හිතල බැස්සද? දන්නෙම නැතිව වැටිලනේ බන්...

එක්සෑම් ඇනගන්න එපා බන්... උඹ දන්නවනේ.. අපි දෙන්නා එකම දවසේ දිවුරුම් දෙන්න ඕන...

මම දන්නවා බන්... මට තියෙන එකම අවස්තාව ඔතන කියලා.. අපි තුන්දෙනාගෙම හීනේ වෙරළින් මිදෙන්නෙ කොහොමද කියලා.. අම්මා ටිකක් හරි දැනුම් තේරුම් තියෙන හින්ද, පොඩි කාලේ ඉඳම්ම අපිට පාර කිව්වා.. ලොක්කත් හෙන මීටරේ බන්.. ඌ ඉස්කෝලේ යන්නේ නැතුව ටෝලරේ නැග්ගේ මාවයි පොඩ්ඩවයි ගොඩ දාන්න...

දැන් නිරාශා මොකද කියන්නේ....

ඒකම තමයි බන් හිතේ නිදහස.. වෙන කෙල්ලෝ වගේ අරහෙ මෙහෙ යන්න, අරව මේවා ඕන, ඒ මොකුත් කතාවක් නෑ.. වෙනද තිබ්බ යාළුකමට ආදරේ මික්ස් වෙලා තියෙනවා.. ඒ හින්දා අවුලක් නෑ.. කියන දේත් තේරුම් ගන්නවා බන්. වෙන උන් වගේ කන්දොස්කිරියාවක් නෑ...

ඒකත් ලොකු දෙයක්නේ... මට මල්ලිකාගෙන් ඇති වුනා ලවු කරන එකනම්.. ඇඟ හිරි වැටෙනවා මතක් වෙනකොටත්...

මට මතකයි... ඒකි උඹව ඇඳලා අරන් කිස් කරන හැටි ඒ කාලේ...

අනේ පලයන් *කෝ යන්න.. තෝත් ඉතින් මටම හිනාවෙයන් පරයා...

තිසල් එක්ක ගෙවුණු කාලය නිසා සුරේශ් සැහැල්ලු සිතින් ගෙදර ආවා.. ඒ වෙනකොටත් තාත්තා මුහුදු ගිහින්.. අම්මා කුස්සියේ මොනවද උයනවා.. අම්මා වැඩ ඇරිලා ඇවිත් තාත්තට බත් ගෙනියන්න උයන එකේ තමන්ගේ පංගුව මැටි කෝප්පෙට බෙදාගෙන සුරේශ් පිලේ වාඩි වුනේ මුහුද දිහාව බලාගෙන...

ඉපදිච්ච දවසේ ඉඳලා හැමදාම දැකලාත්, මේක එපා වෙන්නේ නැති හැටි... අපේ ජීවිතත් හරියට මේ මුහුදු රැල වගෙයි.. මුහුද ගැන හිතද්දි සුපුරුදු පරිදිම මුහුද ගැන ස්නේහයක් හිත අස්සෙන් ඉපදිලා හීනි සිනාවක් විදිහට තොල් අග්ගිස්සෙන් පිට වුනා සුරේශ්ටම දැනුනා... 

පින්තූරය 1 මෙතනින්...                                                  මතු සම්භන්ධයි.. 


9 comments:

  1. අදමද මන්දා ආවේ..
    කියවපු මුල්ම කතාව පට්ට පට පට..

    ReplyDelete
  2. නියමයි... දිගටම ලියපන් මචන්.
    අපි එනවා හොට දාලා යන්න :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි... මේ රාජ සම්පත් ලැබේවා කියන කෑල්ලනම් දැකලම ඇති වෙලා මල්ලි...

      Delete
  3. දුප්පත් කොල්ලෙක් හා පෝසත් කෙල්ලෙක් සිටින කතාවකි. නමුත් ලියන විදියත් කතාවට ඈඳන වපසරියත් සාර්ථක අලුත් නිර්මාණයක් බව හොඳින් පෙන්නයි... අපූරුයි! ඉතුරු කොටස් කියවන්නට නොඉවසිල්ලෙන්... :)

    ReplyDelete
  4. නියමයි.ඉතුරුටික එන කම් බලාගෙන ඉන්නවා.

    ReplyDelete
  5. බොළඳ ප්රේෙමවන්තයින්ට වඩා වගකීමෙන් ජීවිතය දිහා බලන පෙම් යුවළක් නිර්මාණය කිරීම හොඳයි... වැරදි ආදර්ශමනේ හැමතැනම තියෙන්නේ... කතාව ලස්සනයි මල්ලී...

    ReplyDelete
    Replies
    1. @ තරුරසී

      ඒක ඇත්ත තමා අක්කේ. මේ ලව් එක නම් ඉස්කෝලේ කාලේ ලව් එකකට වඩා advanced :D

      Delete

ඔබේ වදන මට හයියක්.....